FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය සමග පක්ෂ 19 ක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌ව තරග කිරීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ 19 ක්‌ කැමැත්ත පළකර ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

එ අනුව ආරුමුගම් තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා වතු කම්කරු කොංග්‍රසය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්‍ෂ රැසක්‌ මෙම පක්‍ෂ 19 ක් සහ තවත් කුඩා පක්‍ෂ සහ සංවිධාන ගණනාවක්‌ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සහය ලබා දීමට එකඟවී ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජනිස තරග කරන්නේ ශක්‌තිමත්ම දේශපාලන සන්ධානයක්‌ ලෙස බැවින් එනිසා ජයග්‍රහණය පිළිබඳව කිසිම බයක්‌ සැකක්‌ අනිවාර්යයෙන්ම නොමැති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.