FAST NEWS

24×7 Around the Globe

අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආර්ථික පෙරළිය අගමැතිගෙන්…

ඉදිරි වසර 04ක කාලය තුල ශ‍්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් සංවර්ධනය කරන සංවර්ධන සැලසුම වන ‘දින 1500ක ආර්ථික පෙරළිය’ අයවැය ඉදිරිපත් කිරීමට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත වාර්තා වේ.

සිය  ඉන්දීය සංචාර නිම කර ලබන සිකුරාදා(07) දින මෙරටට පැමිණෙන අගමැතිවරයා මේ පිළිබදව තව දුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද පැවසේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක කෙරෙන දිලිදුකම පිටු දැකීමේ වැඩපිළිවෙළට සමගාමීව මෙම වැඩපිළීවෙල සැකසෙන බවද වැඩි දුරටත් සඳහන්ය.