FAST NEWS

24×7 Around the Globe

ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ කිරීම අතහැර දමති…

ගුවන් ගමන් පාලකවරුන් පෙරදින සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීමය ක්‍රියාමාර්ගය අද (04) සවස 6.30ට අවසන් කළ බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි

තම ඉල්ලීම් වලට සතියක් ඇතුළත පිළිතුරු ලබාදීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟ වීම නිසා මෙම තීරණය ගත් බව එම සංගමය වැඩිදුරටත් පැවසීය.