FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුවෙන් පොලී රහිත විශේෂ අඩු මීලකට ස්මාර්ට් ෆෝන්…

මහජන බැංකුව විශේෂ අඩු මිලට ‘ස්මාර්ට් ෆෝන් ලබාගැනීමට ‍පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමය’ දියත් කිරීම පසුගියදා සිදුවිය.

මේ සඳහා මහජන බැංකුව සමග අත්වැල් බැඳගත්තේ ශ්‍රී ලංකාවේ දැවැන්ත ජංගම දුරකථන සේවා සම්පාදකයන් වන ඩයලොග් හා මොබිටෙල්ය.

මෙම නවතම සේවාව නිසා රට පුරා විසිරී සිටින මිලියන 13ක් වූ මහජන බැංකු ගනුදෙනුකරුවන්ට එම ආයතනවලින් නව ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන අතර මාස 24ක් දක්වා ‍පොලී රහිතව ගෙවීමේ විශේෂ වාසිය මෙන්ම මහජන බැංකුවේ ‘වොයිස් බෑන්කිං ඇප්’ මෘදුකාංගයද ඔවුන්ට හිමිවේ.

ස්මාර්ට් ජංගම දුරකථනයක් ගැනීමට මහජන බැංකු ගනුදෙනුකරුවන්ට ඇති පැතුම තවදුරටත් සිහිනයක් නොවන බව සනාථ කරමින් මෙම අගනා අවස්ථාව ඔවුන්ට උදාවෙන අතර මෙමගින් මහජන බැංකුව විසින් ඩිජිටල් බැංකුකරණය සිය ගනුදෙනුකරුවන් අතර ප්‍රචලිත කිරීමට හා ගනුදෙනුකරුවන් සමග නිරන්තර සබඳතා පවත්වා ගැනීමට වැඩි ඉඩ ලබාදේ.

මෙම ‘පීපල්ස් වොයිස් බෑන්කින් ඇප් සමගින් ස්මාර්ට්’ ෆෝන් ලබාගැනීමේ ‍පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමය ‘2017 මාර්තු 31’ වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.