FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ ඉඩම රාජසන්තක කීරීමට ඉල්ලයි – බැසිල්ට නොතීසිත් නිකුත් කෙරේ…

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන  මල්වානේ ඉඩම සම්බන්ධයෙන් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා මුදල් නඩුවට බැර කරන ලෙස රජයේ සොලිස්ටර් ජනරාල්වරයා  අද (4) එම නඩුව කැඳවූ අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමක් මිලට ගෙන නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට විරුද්ධව පූගොඩ අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ සොලිස්ටර් ජනරාල්වරයා එම ඉල්ලීම සිදු කළේය.

මෙහිදි ඉඩම සම්බන්ධ නියෝගයක් නිකුත් කරන්නේ නම් විත්තිකරු අධිකරණයේ සිටිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥ සංජය රණතුංග මහතා ඊට විරෝධය පළ කරමින් අධිකරණය වෙත කියා සිටියේය.

ඒ අනුව ලබන 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කළේය.