FAST NEWS

24×7 Around the Globe

2016 වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ජපානයට…

2016 වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමි කරගැනීමට ජපාන ජාතික විද්‍යාඥයෙකුවන යොෂිනෝරි ඔසුමි සමත් වී තිබේ.

මිනිස් සිරුරේ සෛල ප්‍රතිචක්‍රීකරණය සහ අවක්‍රමණය (autophagy) පිළිබඳ සිදු කරනු ලැබූ අධ්‍යනයක් වෙනුවෙන් සෛල ජෛවවිද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට මෙසේ නොබෙල් ත්‍යාගය හිමි වී ඇත.

සෛල ජෛවවිද්‍යාඥ යොෂිනෝරිගේ අධ්‍යනය තුළින් මිනිස් සිරුරේ සෛල විකෘති වීම් සිදු වන ආකාරය සහ පාකින්සන්, දියවැඩියාව, පිළිකා සහ ස්නායු මූලික රෝග වැළඳීමේ දී සෛල ආසාධනය වන අයුරු අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන බව, ස්ටොක්හෝම් අගනුවර නොබෙල් කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.