FAST NEWS

24×7 Around the Globe

මිහින් ලංකා ගුවන් ගමන් මෙම මස 30 සිට අත්හිටුවේ…

මිහින් ලංකා ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

එ අනුව මිහින් ලංකා ගුවන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලු ගුවන් ගමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකිරීමට නියමිත බවද මීහින් ලංකා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ මස 30 දා සිට බලපාන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර ඒ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විසින් සියලුම ගුවන් ගමන් ආයතන වලට දැනුම් දී ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ කාර්යක්ෂතාව උදෙසා මෙන්ම පිරිවැය කප්පාදුව සඳහා මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

මිහින් ලංකා ගුවන් සේවය ඉන්දියාව, මැදපෙරදිග, සීෂෙල්ස් යන රටවල්වලට ක්‍රියාත්මක වූ අතර එය දිගින් දිගටම අලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබුණේය.

.