FAST NEWS

24×7 Around the Globe

තාජුදීන්ගේ ශරීර කොටස් සම්බන්ධයෙන් සෙවීමට CID ය සයිට්ම් යයි…

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ පළමු මරණ පරික්ෂණය අතරතුර මෘත ශරිරයේ කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරය පරික්ෂා කිරිමට අපරාධ විමර්ශන අංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (03) සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මේ වන විට එහි ගොස් ඇතැයි වාර්තා වේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපති වන විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට අපරාධ පරික්ෂණ අංශය විසින් ගොනු කෙරුණු පෙත්සම අනුව මෙම පරික්ෂණ සිදු කරයි.