FAST NEWS

24×7 Around the Globe

දේශ සීමා ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියා අගමැතිගෙන් ස්වර්ණමය මෙහෙයුමක්… (වීඩියෝ)

ඔස්ට්‍රේලියා රජය ක්‍රියාත්මක කළ දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම (Operation Sovereign Borders) නිසා ඕස්ට්‍රේලියා ජනතාවට නිදහස්ව දිවි ගෙවිය හැකි වාතාවරණයක් දැන් ගොඩනැඟී ඇතැයි ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් කියයි.

සරණාගතයන් පිළිබඳ කිසි දින වෙනස් නොවන ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තියපෙර පරිදිම දැඩි බව ද අඟවමින් අගමැති ටර්න්බුල් කියා සිටියේ දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම තවත් ජව ගන්වා ඇති බවය.

‘මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාවාරමට දැන් නරක කල දසාවක් ලබලා. මුහුදු මඟින් ඔස්ට්‍රේලියාවට යන්න මිනිසුන් දැන් එන්නේ නැති නිසා  ජාවාරමුන්ට දැන් යන එන මං නැති වේලා ” යැයි ද  ඔහු කීය.

ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම (Operation Sovereign Borders) තවත් ජව ගන්වා ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක්ද අගමැති මැල්කම් ටර්න්බුල් ගේ එම ප්‍රකාශයත් සමඟ නිකුත් කර තිබිණි.

[youtube url=”https://youtu.be/N9hujV_5crQ” width=”560″ height=”315″]