FAST NEWS

24×7 Around the Globe

චීන ආරක්ෂක සමුළුවට යෑමට ගෝඨාට අධිකරණයෙන් අවසර…

එළඹෙන ඔක්තෝබර පස් වැනි දා සිට 30 වැනි දා දක්වා චීනයේ සංචාරයකට යෑම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණය  අද (3) අවසර ලබා දුන්නේය.

චීනයේ ආරක්ෂක සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ලැබුණු ආරාධනාවකට එහි යාමට අපේක්ෂා කරන බැවින් ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස රාජපක්ෂ අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලැබීණ.

එ අනුව විදෙස් ගුවන් බලපත්‍රය තාවකාලිකව මුදා හැරී අධිකරණය ගෝඨාභය රාජපක්ෂට රුපියල් පනස් ලක්ෂයක අමතර පෞද්ගලික ඇපයක් ද නියම කළේය.