FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවක වැටුප් රු.2000කින් වැඩි වේ.

මේ මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තවත් රුපියල් 2000කින් වැඩිවන බව මුදල් අමාත්‍යං ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේය.

පෙබරවාරි මාසයේ දී රුපියල් 5,000ක් හා ජනවාරි මාසයේ දී රුපියල් 3,000 ක් වශයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමෙ සිදු කර ඇත.

ඒ අනුව, මෙවර වැටුප් වර්ධකයත් සමඟ රජය විසින් පොරොන්දු වූ පරිදි රුපියල් 10,000ක වැටුප් වැඩිකිරීම සාර්ථකව ඉටු වෙනු ඇත.