FAST NEWS

24×7 Around the Globe

ජනපති ප්‍රධානත්වයෙන් ලෝක හදවත් දින පාගමනක් සැමරෙයි

ලෝක හදවත් දිනය සමරමින් සංවිධානය කළ විශේෂ පාගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) පැවැත්වුණි.

ශ්‍රී ලංකා හදවත් සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම පාගමන අද උදෑසන 7ට කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රය අසලින් ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලෝක හදවත් දින සැමරුමට සමගාමීව පාසල් දරුවන් අතර පැවති පෝස්ටර් සහ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහිදී සිදුකර ඇති අතර එම චිත්‍ර හා පෝස්ටර් නැරඹීමටද ජනාධිපතිවරයා එක්වී තිබේ.