FAST NEWS

24×7 Around the Globe

රට තුළ පොලීසියේ අවනීතිය ක්‍රියාත්මක ‍‍වෙනවා

ජාතිවාදය ඇවිලීමට උත්සාහ දරන දකුණේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට තුළ පොලීසියේ අවනීතිය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සිංහළ ජනතාවගේ සිත් රිදෙන පරිදි සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට සමගාමීව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට එම පළාත්වල බලය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන බවයි.

කෙසේවුවද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ විග්නේෂ්වරන් මහතාගේ මතවාදයෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉවත්ව සිටින බවයි.