FAST NEWS

24×7 Around the Globe

අගමැති නවසීලන්තයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අමතයි

අපේ ආගම, ජාතිය ගැන ආඩම්බර වෙමින් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඒ සමගම ශ්‍රී ලාංකිකයින් වශයෙන් එකට එක්විය යුතු බව  නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවති ශ්‍රී ලාංකේය ප්‍රජා හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ එකමුතුව තුළින් සිදුකරන කැපවීම් ඔස්සේ අනාගත පරපුරට වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් ලබාදීමට වෙහෙසිය යුතු බවයි. එමෙන්ම එම අභියෝගාත්මක ව්‍යායාමයට පූර්ණ සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයේ වෙසෙන ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව යහපත් මාවතකට අවතීර්ණ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

තිරසාර සංවර්ධනය සහ සංහිඳියාව උදාකර ගැනීම සඳහා මෙම මාර්ගයේ තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.