FAST NEWS

24×7 Around the Globe

සාක් සමුළුවට එක් නොවීම GL ගේ කනගාටුවට

නොවැම්බර් මස 9 දා හා 10 දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිතව තිබූ සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල්ගිය බව පාකිස්තානය නිල වශයෙන් නිවේදනය කළේය.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සාක් වත්මන් සභාපතිත්වය දරණ නේපාලයත් සමග සාකච්ඡා කර සමුළුව පැවැත්වීම සඳහා විකල්ප දිනයන් තෝරා ගන්නා බවයි.

පාකිස්තානය තුළ සාක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා භූතානය මීට පෙර නිවේදනය ඇත.

එලෙසම සාක් සමුළුවට එක් නොවිමට ශ්‍රී ලංකා ගත් ක්‍රියාමාර්ගය කනගාටුවට කරුණක් බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.සිය නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් පැවැසුවේ වෙනත් දිනක සමුළුව පැවැත්වෙන්නේ නම් එම සමුළුවට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවිය යුතු බවයි.