FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභා උප සභාපති ජීවිතක්ෂයට

උතුරු පළාත් සභා උප සභාපති ඇන්ටනී ජෙගනාදන් මහතා රිය අනතුරකින් මියගොස් තිබේ.

අද(01) පෙරවරුවේ මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් යතුරු පැදිය මාර්ගයේ පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

එහිදී උතුරු පළාත් සභාවේ උප සභාපතිවරයා ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිටි බව මුලතිව් රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර පවුලේ ඥාතීන් පැවසූවේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ජෙගනාදන් මහතා මාර්ගයේ වැටී මියගොස් ඇති බවයි.හෘද රෝගයක් හේතුවෙන් ජෙගනාදන් මහතා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි ඔවුන් සැක පළ කරයි.