FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මැතිවරණ සඳහා එජනිස පුළුල් සන්ධානයකින්..

ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් ලෙස තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එ අනුව ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයක් සඳහා පුළුල් සන්ධානයක් යටතේ තරග වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බවද පැවසේ.

ඒ අනුව මෙම සාකච්ඡා වල ප්‍රතිඵල ලෙස දැනටමත් පක්ෂ කිහිපයක් ඊට එක්වීමට එකඟතාව පළ කර ඇති බව ද  වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රතිපත්ති සහිත දේශපාලන සමග එක් නොවීමටද තීරණය කර ඇති බව පැවසේ.