FAST NEWS

24×7 Around the Globe

මේගි සුළි කුණාටුව නිසා චීනයේ නායයෑම්වලින් 40ක් අතුරුදන්

මේගි සුළි කුණාටුවත් සමග නැගෙනහිර චීනයේ, සේජියන් පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ බරපතල නායයෑම් දෙකකින් පසුව අවම වශයෙන් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව චීන මාධ්‍ය පැවසීය.

එහිදී, සේජියන් පළාතේ, සුකුන් ගම්මානයේ නිවාස රැසක් පස් කඳුවලට යටවීම නිසා පුද්ගලයන් 26 දෙනෙකු සහ වෙන්චෙන් පළාතේදී තවත් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන් වී ඇති බව පැවසේ.

මෙම අනතුරින් පමණක් පුද්ගලයන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය පවසා තිබේ.