FAST NEWS

24×7 Around the Globe

කනත්ත උඩින් ගිය ඩ්‍රෝන කැමරාව ගැන පුළුල් විමර්ශන

ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය බොරැල්ල කනත්තේදී ගොඩගනු ලැබූ අවස්ථාවේදී එම ස්ථානයට ඉහළින් ක්‍රියාත්මක වූ ඩ්‍රෝන කැමරාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය.

මියගිය ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත එම දේහය ගොඩගනු ලබන අවස්ථාව මාධ්‍යයට නිරාවරණය නොකළත් එම අවස්ථාවේදී අදාළ ස්ථානයට ඉහළින් ගමන් ගත් එම කැමරාව සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ලසන්තගේ ඝාතනයට අදාළ වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.