FAST NEWS

24×7 Around the Globe

සුනඛයන්ගෙන් සිදුවන අවහිරතා වැළැක්වීමට සැලැස්මක්

අයාලේ යන සුනඛයන්ගෙන් මහජනතාවට සිදුවන අවහිරතා වැළැක්වීම සඳහා කි‍්‍රයාකාරී සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සුනඛ ගහණය පාලනය කිරීම, සුනඛ එන්නත් කිරීමේ වැඩසටහන් කාර්යක්‍ෂමව පැවැත්වීම, සුනඛ රැඳවුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ආදී වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් කි‍්‍රයාකාරී සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් මීට පෙර නිලධාරී කමිටුවක්ද පත් කර ඇත.