FAST NEWS

24×7 Around the Globe

පරණ නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කැළෑ ගිනි තැබීම් සහ කුඹුරු ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන්නැයි පවසමින් පොහොර සහනාධාරය ඔවුන්ට නොදීමේ පරණ නීතියද ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත ඊයේ (29) උපදෙස් ලබාදුන්නේය.

පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පැවති‘‘පිබිදෙමු පොළොන්නරුව ’’ ව්‍යාපෘතියේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් එතුමා මේ බව සදහන් කලේය.