FAST NEWS

24×7 Around the Globe

දුම්වැටියකින් රුපියල් 05 ක බදු හා 15% වැට් බද්දක් අය කීරීමට කැබිනට් අනුමැතිය…

දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සීයයට 15 ක එකතු කළ අගය මත වන බද්ද දුම්වැටි සඳහා නැවත බදු පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

දැනට කි‍්‍රයාත්මක වන නිෂ්පාදන බද්ද ඕනෑම දුම්වැටියක් සඳහා රුපියල් 5 කින් වැඩි කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සලකා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලය මෙම තීරණවලට එළඹ ඇති බව සඳහන්ය.

මීට අමතරව වෙනත් ක්‍රියාමාර්ග ගනිමින් රටේ දුම්කොළ භාවිතය අවම කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

තවද බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමටත් නියමිතය.