FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවෙන් පාකිස්ථානයේ කාශ්මීරයට හමුදා ප්‍රහාර එල්ල කෙරේ…

ඉන්දියාව විසින් පාකිස්ථානයේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් හදුනාගත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඊයේ (29) රාත්‍රියේ සිට ඉන්දීය හමුදා කාශ්මීර් දේශසීමාව ඔස්සේ ගොස් මෙලෙස ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන බව පැවසේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර තරයේ හෙලා දකින බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්  ප්‍රකාශයක් කරමීන් සඳහන් කර තිබේ.

ප්‍රහාරවලින් පාකිස්ථාන ආරක්ෂක අංශයේ හමුදා සෙබලූන් දෙදෙනෙකුද මියගොස් ඇති බවට විදෙස් වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි.