FAST NEWS

24×7 Around the Globe

බොදු බලය ප්‍රමුඛ සංවිධාන විග්නේශ්වරන්ට විරෝධය පෑමට හෙට වව්නියා යයි..

බොදු බල සේනා, සිංහලේ ජාතික බලමුළුව, රාවණ බලය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් හෙට (30) දිනයේ හෙට පෙරවරු 9.00 ට වවුනියාව මාමඩුව වවුනියාව නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා විරෝධී වැඩපිලිවෙලට විරෝධය දැක්වීම මෙම විරෝධතාවේ අරමුණ බවද පැවසේ.

එසේම උතුරු හා නැගෙනහිර දෙපළාතේ සුළු ජනවර්ගය වන සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද තමන් පෙනී සිටන බව මෙහි සංවිධායකයෝ පවසති.