FAST NEWS

24×7 Around the Globe

සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා…

සංඥා පද්ධතියේ සිදුව ඇති දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේදී සුළු ප්‍රමාදයක් ඇතිවිය හැකි බව පාලක මැදිරිය පවසයි.

වැල්ලවත්ත සහ ගල්කිස්ස  දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ අද (29) උදෑසන සිට ඇතිව තිබෙන කාර්මික දෝෂයක් මීට හේතුව බවද පැවසේ.

කෙසේ වෙතත් හැකි ඉක්මණින් එම  කාර්මීක දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කෙරෙමීන් පවතින බව එම දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කළේය.