FAST NEWS

24×7 Around the Globe

හොරෙන් මැණික් ගල් ගෙන යාමට තැත් කළ කතක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මැණික් ගල් තොගයක්  මෙරටින් ගෙනයාමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(28) රාත්‍රීයේ හොංකොං බලා යාමට පැමිණි අදාළ කාන්තාව ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි චීන ජාතික කාන්තාවක වන අතර ඇය මලයාසියාව හරහා හොංකොං වලට යාමට සූදානමින් සිට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියගේ ගමන්මල්ලේ තිබී ලක්ෂ 11ට අධික වටිනාකමකින් යුතු මැණික් ගල් තොගයක් සොයාගෙන ඇති අතර ඇය සතුව තිබී මැණික් ගල් හඳුනාගැනීමේ උපකරණ කිහිපයක්ද සොයාගත් බව ගුවන්තොටුපල රේගුව සඳහන් කරයි.