FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැයකට වැසේ…

ලොකු ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණයක් නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැයකට වසා දැමීමට කටයුතු කළ බව එහි පාලනාධිකාරීය පැවසීය.

දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් 80ක 90ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවින් 500ක් පමණ අද (28) උදේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන උද්ඝෝෂණ ඇරැඹා තිබේ.

ගොවීන්ගේ ඉල්ලීම වී ඇත්තේ තමන් ඉල්ලන මිල ලබා දීමට නෙහැකිනම්  නම් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන ලෙසය.

එළවළු රැගත් ලොරි සියයක් පමණ පාර දිගේ නතර කර ඇති අතර කිසිම ලොරියකට මධ්‍යස්ථානයට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටුද වසා දමා ඇති බවද වාර්තා වේ.