FAST NEWS

24×7 Around the Globe

මැක්කන් නිසා හැටන් පාසලක කොටසක් වැසේ…

මැක්කන් විශේෂයක බලපෑම හේතුවෙන් හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ කොටසක් අද (28) සිට දින 02ක් වසා තබා එහි අධ්‍යයන කටයුතු වල නිරත වන සිසුන්ට නිවාඩු ලබා දිමට පියවර ගත් බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීදරන් මහතා ප්‍රකාශ කළේය.

එසේම එම මැක්කන් විනාශ කිරීම සඳහා හැටන් දික්ඹය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සහාය ඇතිව කටයුතු කෙරමීන් පවතින බවද හෙතම පැවසීය.

පාසලට යාබදව ඌරන් ඇති කිරීමේ ගොවිපලක් පවත්වාගෙන යන බැවින් එහි බලපෑමෙන් මෙම මැක්කන් බෝවන්නට ඇතැයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ සැකපළ කර තිබේ.

එහෙයින් මෙම ගොවිපල පාසල ආසන්නයෙන් කඩිනමීන් ඉවත් කීරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කෙරෙන බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.