FAST NEWS

24×7 Around the Globe

තරග විභාගයෙන් සමත් වු විදුහල්පතවරු 3901 කට පත්විම්….

2015 වසරේ තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයෙන් සමත් වූ විදුහල්පතිවරු 3901 දෙනෙකු ජාතික සහ පළාත් පාසල් සඳහා අනුයුක්ත කිරීම සඳහා ඊයේ (27) කැබිනට් අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසීය.

මින් ඉදිරියට වසරක් පාසා ඇති වන පුරප්පාඩු මත නිසි ක්‍රමවේද ඔස්සේ බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු  කිරීමට අපෙක්ෂා කරන බවද ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.