FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත නව වැට් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට පෙත්සමක්..

සංශෝධිත නව වැට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම එම පනතට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැට් සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමට පෙර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවද ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

එම පනත් කෙටුම්පතට සැප්තැම්බර් 13  වැනිදා කැබිනට් අනුමැතිය හිමි වුණද ඊට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් 09 වැනිදා නිකුත් වී ඇතැයිද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ අනුව උද්ගත වී ඇති තත්ත්වය ඉතා පැටලිලි සහගත බවත් පිළිගත් සම්ප්‍රදායෙන් බැහැරව මෙම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

අතීතයට බලපාන අයුරෙන් නව වැට් බදු සංශෝධන කෙටුම්පත සකස් කර ඇතැයිද එමගින් මෙරට මහජනයා කොල්ලකෑමකට ලක්වී ඇතැයිද ගුණවර්ධන මහතා සඳහන් කළේය.