FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති මහින්දානන්ද ඇප මත මුදා හැරේ…..

කොළඹ 07 ප්‍රදේශයේ නිවසක් මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) ඇප ලබා දී තිබේ.

එ අනුව රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත හෙතෙම මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබේ.