මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ රුසියානු සංචාරය සම්බන්ධව අප්‍රසාදය පලකරමින් ඊට අවසර දීම පිළිබදව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) රාත්‍රියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගෙන් කරුණු විමසා එම සංචාරයේ නිරතවීමට නියමිත දෙවන කණ්ඩායමේ ගමන වහා අත්හිටුවන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
තමන් ලොව කොතැන සිටියත් මේ ආකාරයේ රාජ්‍ය මුදල් අති විශාල ප්‍රමාණයක් වැයකර මන්ත්‍රීවරුන් විදෙස් සංචාරයක නිරතවීමට කටයුතු කිරීම පිළිබඳ අවසර දීමට පෙර දැනුවත් කිරීමට තිබූ බව ද ජනපතිවරයා ආණ්ඩුකාරවරියට දැනුම්දී ඇත.
කාණ්ඩ දෙකක් වශයෙන් රුසියානු සංචාරයේ නිරත මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් හා රාජ්‍යය නිලධාරීන්ගේ ප්‍රථම කණ්ඩායම අද (27) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන අතර ඊට මන්ත්‍රීවරු 28 දෙනකු හා එක් නිලධාරීයකු ඇතුළත්ව තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසන්නේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යාම ජනපති අනින් නතර කරන බවයි.
එහි මුල් කණ්ඩායමේ මන්ත්‍රින් විසිදෙනෙක් රුසියා යාමට දැනටමත් කටුනායක ගුවන්තොටුපලට ගොස් සිටී. ජනපතිවරයා නිව්යෝර්ක් නුවර සිට කොළඹට පැමිණි වහාම තමාට කතා කොට දොස් කිව් බව ආණ්ඩුකාරවරිය පැවසුවාය. මෙම ගමන ගැන තමාට නොකීවේ මන්දැයි ජනපතිවරයා ආණ්ඩුකාරවරියගෙන් විමසා ඇත.
ඇය පවසා ඇත්තේ ජනපතිගේ අවසරය වාචිකව ලැබුනු බවට මධ්‍යම පළාත් මහ ඇමති ලිඛිතව තමාට දැනුම් දුන් නිසා තම අනුමැතියද ඊට ලබාදුන් බවයි.
දැනට ගුවන්තොටුපොලට ගොස් සිටින මුල් කණ්ඩායමේ චාරිකාව නතර නොකරන ලෙසටත් දෙවැනි කණ්ඩායමේ ගමන නතතර කරන ලෙසටත් මින්පසුව චාරිකා සඳහා අවසර නොදෙන බවත් තමාට දැනුම් දුන් බව ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.
කෙසේ වෙතත් මින් ඉදිරියට මේ අකාරයේ විදෙස් සංචාර සඳහා මන්ත්‍රීවරු සහභාගී වන්නේ නම් ඒ පිළිබද තම දැනුවත් කිරීමෙන් තොරව අවසර නොදෙන ලෙසද ජනපතිවරයා ආණ්ඩුකාරවරියට දැනුම්දී තිබේ.
මේ අතර මෙම විදෙස් සංචාරය සඳහා රුපියල් කෝටි හයහමාරක මුදලක් ඇස්තමේන්තු කර තිබුණත් ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් කපා හැර තිබිණි.
මධ්‍යම පළාත් සභාව මුදල් අර්බුදයකටද ලක්ව ඇතැයි වාර්තා වන අතර මෙවැනි අවස්ථාවක කෝටි ගණන් මුදල් වැය කරමින් විදෙස් සංචාරවල නිරත වීම කොතෙක් දුරට සාධාරණ දැයි ජනතාව ප්‍රශ්න කරති.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.