FAST NEWS

24×7 Around the Globe

හීලරී ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විවාදය අදයි…

ඇමෙරිකා ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විවාදය අද (26) දින පැවැත්වීමට නියමීත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් දෙදෙනා විවාදයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර එය ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි හොෆ්ස්ට්‍රා විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමීත වන බව පැවසේ.

ජනාධිපතිවරණ සටනේ ජය පිළිබදව මූලික තීරණයකට එළඹීමට මෙම විවාදය උපකාරී වනු ඇතැයි මෙම විවාදය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෝ පවසති.