FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ අමාත්‍ය විග්නේෂ්වරන්ව වහාම අත්අඩංගුව ගන්නැයි ඉල්ලීමක්..

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද(26දා) පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ එළුග තමිල් විරෝධතාවයට රාජ්‍ය දේපල යොදාගෙන ඇති බවත් මේඅනුව ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ බෙදුම්වාදී උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වා ඇති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මේ අනුව ජාතිවාදය අවුස්සන විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතුයැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය.