FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහාභාගී වු ජනපති යළි දිවයිනට..

එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 18 වැනිදා වන අතර එදින සිට දින 5ක් පුරා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රැඳී සිටිමින් එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසියට සහභාගි විය.

එම කාලය තුළ ජනාධිපතිවරයා රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ අතර එහිදී බොහෝ රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන යහපත් වෙනස්කම් පිළිබඳ දැඩි ප්‍රසාදයක් පළ කළහ. මෙරට තුළ ආයෝජනය කිරීමටත් රටේ කටයුතුවලට සහයෝගය ලබාදීමටත් ජනාධිපතිවරයාට එකඟතාව පළ කිරීම විශේෂත්වයක් විය.