FAST NEWS

24×7 Around the Globe

එකාබද්ධ විපක්ෂයෙන් රට පුරා විරෝධතා මාලාවක්..

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ආණ්ඩුවට බල කරමින් ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව පළාත් පාලන කොට්ඨාස පදනම් කරගනිමින් ප්‍රාදේශීය වශයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ මූලික සැලසුම් මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැඩසටහනේ එක් පියවරක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ පළාත් පාලන නියෝජිතයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කළද එහිදී ඔවුනට නිසි පිළිතුරක් නොලැබිම හේතුවෙන් මෙම විරෝධතා ව්‍යාපාර දියත් කරන බවද වාර්තා වේ.

මීට අමතරව දිවයිනේ ප්‍රධාන නගර මූලික කරගනිමින් විශේෂ ජන රැලි මාලාවක්ද පැවැත්වීමට නියමිත බවද එහිදී පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අතිරේකව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමටද නියමිතය.

කෙසේ වෙතත් මෙම වැඩසටහන්වලට අතිරේකව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පුළුල් පෙරමුණක් පිහිටුවීමටද තීරණය කර තිබේ.

ඒ අනුව අදා