FAST NEWS

24×7 Around the Globe

රත්නපුරයේදී ලබන මස 08 වනදා පැවැත්වෙන්නේ විද්වත් හමුවක් – පක්ෂයක් බිහිකිරීමක් නොවේ..

නව පක්ෂයක් පිහිටුවීමේ සැලැස්මක් නොමැති නමුත් පක්ෂයක් පිහිටුවනවාද නැද්ද යන්න ජනතාව විසින් තීරණය කළ යුතුව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රත්නපුරයේදී ලබන මස 08 වනදා පැවැත්වෙන්නේ විද්වත් හමුවක් මිස පක්ෂයක් බිහිකිරීමක් නොවන බව අද (25) යටිනුවර පිළිමතලාව ඌරාපොල විහාරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සංහිදියාව ඇති කරනවා යැයි කියූ වත්මන් ආණ්ඩුවේ සංහිදියාව බිද වැටීම ඔවුන්ට පැහැදිලි කිරීමට උත්සහ කිරීම බිහිරි අලියන්ට වීණා වාදනය කරනවා වැනි යැයි කී ඒ මහතා මේ වන විට උතුරේ සිදුව ඇත්තේ ද ජනතාව පීඩාවට පත්වන සිද්ධියක් යැයි කීවේය.

උතුරේ මහ ඇමතිවරයාට මහ ඇමතිධූරය හිමිවුයේ අප මැතිවරණය ජයග්‍රහණය කළ නිසා බවත් නෙඑසේනම් ඔහුට යාපනය පැත්තටවත් යාමට හැකියාවක් නොතිබුණු බව ද ඔහු කීවේය.

ආණ්ඩුවේ කටයුතු ආණ්ඩුවට පැහැදිලි කළ නොහැකි  බවත් ශක්තිමත් වන  විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අත්අඩංගුවට ගැනීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව ද ඒ මහතා කීවේය.