FAST NEWS

24×7 Around the Globe

පානීය ජලය සපයාගැනීමට නොහැකි 117 අමතන්න..

අම්පාර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජලය සපයාගැනීමට නොහැකි නම් ඒ පිළිබඳ 117 කෙටි දුරකථන අංකයට දන්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

මෙම දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවකම ජනතාවට පානීය ජලය සොයාගැනීමට නොහැකිවී තිබෙන නිසා බවුසර් මගින් ජලය බෙදාහරින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ නිසා බවුසර් මගින් හෝ වෙනත් ක්‍රමයකින් ජලය නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ මෙම දුරකථන අංකයට දන්වන ලෙසද මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවද හෙතෙම පවසා සිටියේය.