FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ කාන්තාවන්ට තහනම නොතකා පාපැදි භාවිතයේ…

ඉරානයේ කාන්තාවන්ට පාපැදි භාවිතය එරට ආගමික නායක අල්කමේනි තහනම් කර තිබුණ ද මේ වන විට කාන්තාවෝ පාපැදි භාවිත කරති.

මොවුන් පාපැදි භාවිත කිරීම සමාජ වෙබි අඩවි මගින් ප්‍රකාශ වීමත් සමග ආන්දෝලනාත්මක තත්ත්වයක් උදා වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වසර මුල භාගයේ පරිසර සුරැකීමේ අරමුණින් අඟහරුවාදා දිනවල මෝටර් රථ ධාවන නතර කරන ලෙස ඉල්ලමින් එරට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණ.

මෙම ක්‍රියාවලිය සඳහා ජනතාව දැනුවත් කිරීම සඳහා  පැවැති ප්‍රචාරක ව්‍යාපාරයට කාන්තාවන් පිරිසක් සහභාගි වී ඇත්තේ පාපැදි භාවිත කරමිනි.

මෙම ප්‍රචාරක ව්‍යාපාරයෙන් පසු කාන්තාවන් පාපැදි භාවිත කිරීමට කැමැත්තක් දක්වා ඇත.

මේ හේතුවෙන් මෙතෙක් පැවැති තහනම කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා දැනට ආගමික නායකයන්ගේ අවධානය යොමු වී ඇත.