FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ජනපති කොමීසම හමුවට…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අද පස්වරු 2 ට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය දරන සමයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යොදාගනිමින්  සිය පෞද්ගලික ගමන් සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් යෙදවූ බව කියන සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු කැඳවා ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.