ජපානයේ ටෝකියෝ නුවරට ගිනිකොණදිගින් කිලෝමීටර් 230ක් පමණ දුර පැසිෆික් සාගරයේ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් ඇති වූවක් බවද වාර්තා වේ.
එමෙන්ම, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පෙන්වාදෙන පරිදි මෙම භූ කම්පනයෙන් ජපානයට අනතුරක් නැතත්, වෙරළාසන්න කලාපයේ මුහුදු ජල මට්ටම්වල සුළු ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවද පැවසේ.
එමෙන්ම, භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර නොතිබුණි.
කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් ටෝකියෝ හා ෆුකුෂිමා ආශ්‍රිතව කම්පන තරංග දැනී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
–








