FAST NEWS

24×7 Around the Globe

සැත්කමකට රට යෑමේ යෝෂිතගේ ඉල්ලීම පස්සට දමයි…

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ අද (22) තීරණය කළේය.

ඔහු වෙනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළේ යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යාමට ඉල්ලීම් කරනුයේ රගර් ක්‍රීඩාවේදී ඇතිවූ ආබාධයකට සැත්කමක් කිරීම සඳහා බවයි.

ඒ වෙනුවෙන් ඔහුට මාසයක් කාලයක් සඳහා අවසර දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.