FAST NEWS

24×7 Around the Globe

නිදොස් කර මුදා හරින්නැයි දුමීන්ද සිල්වාගෙන් අභියාචනයක්..

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට  චුදිතයෙකු බවට පත්කරමීන් පසුගිය සැප්තැම්බර් 08 වැනි දින තමාට එරෙහිව ලබා දුන් මරණ දණ්ඩණ නියෝගය ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට මුදා හරින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අභියාචනා පෙත්සමක් මගින් ඉල්ලා තිබේ.

එ අනුව අදාළ පෙත්සම අද (22) දිනයේ කොළඹ මහා අධිකරණයේ රෙජිස්ටාර් කාර්යාලයට දුමින්ද සිල්වා සිය නීතිඥයන් හරහා  ‍
බාර දීමට කටයුතු කර තිබේ.

එසේම එය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට නියමිතයි.