FAST NEWS

24×7 Around the Globe

ජාතිය ගොඩනැගිමේ බදු සංශෝධනය කෙටුම්පත නීත්‍යානුකූලයි – කථානායක

ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා  අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ව්‍යවස්ථාවට පටහැනි බව හා එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට හෝ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකින් අනුමැතියට ලක් කළ යුතු බවට නීතීඥවරයකු ගොනු කළ  පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු එම පෙත්සමේ තීන්දුව උසාවිය විසින් කථානායකවරයා වෙත දැනුම්දී තිබුණි.