FAST NEWS

24×7 Around the Globe

රෝම සම්මුතියට අත්සන් තැබීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කරයි..

ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කමිටුව කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම රෝම සම්මුතියට ඇමරිකාව, ඉන්දියාව, චීනය, සහ රුසියාව යන රවටල්ද අත්සන් කර නැත.

මෙයට පෙර එම රෝම සම්මුතියට අත්සන් කරන ලෙස ස්‌විට්‌සර්ලන්තය හා එක්‌ටෝනියාවද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණි.

33 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එක්‌සත් ජාතීන්ගේ කමිටුව එම ඉල්ලීම කර තිබුණි.

මෙම රෝම සම්මුතිය යනු යුද අපරාධවලට සම්බන්ධවූවන් නෙදර්ලන්තයේ ශේන් නුවර ජාත්‍යන්තර අධිකරණයට බාරදීමේ එකඟතාවයයි.