උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ වෛද්‍ය කමිටුව හිටපු කොටි සාමාජිකයන් 95 දෙනෙකුගෙන් සිදු කළ පරීක්ෂණවලට අනුව එයින් කිසිවෙකුගේත් ශරීරයට විස ඇතුළු වීමක් සිදුව නැති බව තහවුරු වී ඇතැයි උතුරු පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරක්‍ෂක හමුදාව භාරයේ පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන්ට එන්නත් මගින් විස ශරීරගත කර තිබෙන බවට චෝදනා කරමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවට යෝජනාවක් පසුගියදා උතුරු පළාත් සභාව විසින් සම්මත කර තිබිණි.
අවසන් යුද සමයේ දී හා යුද්ධයෙන් පසු ආරක්ෂක හමුදාව භාරයට පත් ව පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයන් පිළිකා හා හඳුනා නොගත් රෝගවලට ගොදුරු වී ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් සභාව විසින් සම්මත කරන ලද යෝජනාවට අනුව වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබීය.
එම වෛද්‍ය කණ්ඩායම විසින් දිස්ත්‍රික්ක පහක විශේෂ සායන පවත්වා මේ පරීක්ෂණ සිදු කළ අතර ඊට හිටපු කොටි සමාජිකයන් 95 කු සහභාගී වී ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ පැවැති සායනයක හිටපු කොටි සමාජිකයින් 19 දෙනකු ද කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 23 දෙනකු ද මුලතිව් දිස්ත්‍රික්කයෙන් 43 දෙනකු ද වව්නියාව දිස්ත්‍රික්කයෙන් 6 දෙනකුට මන්නාරම් දිස්ත්‍රික්කයෙන් 4 දෙනකු ද වශයෙන් මෙම වෛද්‍ය පරීක්ෂණවලට 95 දෙනකු සහභාගී වී ඇත.
මෙසේ වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වු 95 දෙනාගෙන් කිසිවකුත් විෂ ශරීර ගත වීමක් පිළිබඳ නිරීක්ෂණය නොවු බව උතුරු පළාත් සභාවේ ප්‍රකාශයෙක් පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.