FAST NEWS

24×7 Around the Globe

බඳගිරියේ තරුණයා යළි රිමාන්ඩ් කිරීමට නියෝග…

වී සොරකමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටියදී පැනගොස් සැගවී සිටි හම්බන්තොට බඳගිරියේ තරුණයා, ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය මෙම මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කොට තිබේ.

ඒ , අද (21) එම සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සැකකරුවෙකු පොලිස් ස්ථානයකින් පැනයාමෙන් පසු රඳවා තබා ගැනීම, රැකවරණය ලබාදීම සහ රජයේ සේවකයන්ට අසත්‍ය ප්‍රකාශ ලබාදීම යන චෝදනා මත අදාළ තරුණයාගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය පොලිසිය ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවේය.

මේ අතර හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට අද නියෝග කළේ තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් සංස්කරණය කර විකාශය කළ සහ සංස්කරණය නොකළ දර්ශන පොලිසිය වෙත ලබාදෙන ලෙසයි.