FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශගේ සොයුරු සරත් විරවංශ යළි රිමාන්ඩ්…

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සොහොයුරා වන සරත් වීරවංශ මහතා ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ඔහු අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සරත් වීරවංශව මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පළවැනිදායි.