FAST NEWS

24×7 Around the Globe

ඩිෆෙන්ඩර් නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇප…

දෙමටගොඩ ප්‍රදේයේදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ තරුණයකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 09දෙනෙකුට ඇප නියමවී තිබේ.

ඒ අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එස්. රණවක මහත්මිය ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් 50000ක බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇපයක් ද නියම වූ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද තහනම් කෙරුණි.

නඩු විභාගය ජනවාරි 10 සහ 11 යන දෙදින යළි පැවැත්වීමට නියමිතය.