FAST NEWS

24×7 Around the Globe

පළාත් මන්ත්‍රීවරුන්ට ආචාර් ධර්ම පද්ධතියක් කෙටුම්පත් කෙරේ…

පළාත් සභා මන්ත්‍රිවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් කෙටුම්පත් කර තිබේ.

මේ කෙටුම්පත් අමාත්‍යාංශය විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් මඟින් පළාත් සභාවල නිලධාරීන්ගෙන් සහ මන්ත්‍රිවරුන්ගෙන් අදහස් ලබාගෙන සකස් කර තිබේ.

මේ ආචාරධර්ම පද්ධතියේ ප්‍රධාන අරමුණු වන්නේ රාජකාරි කිරීමේදී මන්ත්‍රිවරුන් ලෙස අනුගමනය කළ යුතු ප්‍රමිතීන් හඳුන්වා දීම සහ මන්ත්‍රිවරුන්ගෙන් අපේක්ෂා කළ හැකි සේවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම, පොදු දේපළ වංචා කිරීම, දූෂණය සහ නාස්තිය පිළිබඳව පසුගිය කාලයේ ජනතාවගෙන් එල්ල වූ විවේචන පිළිබඳවද ආචාරධර්ම පද්ධතිය සකස් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.